“The beautiful thing about learning is that no one can take it away from you.”

R¥rzŠ
,xldfju

Welcome to Maxiora Academy, a leading educational institute
committed to academic excellence and student success.
We offer quality education for Primary, O/L, and A/L students across subjects including Science, Mathematics, English, Sinhala, History, IT, Commerce, Biology, Physics, Chemistry, and Dancing.
Through experienced teachers, innovative teaching methods, and a supportive learning environment, we help students build the knowledge, confidence, and skills needed to achieve their goals.
Welcome to Maxiora Academy, a leading educational institute committed to academic excellence and student success.
We offer quality education for Primary, O/L, and A/L students across subjects including Science, Mathematics, English, Sinhala, History, IT, Commerce, Biology, Physics, Chemistry, and Dancing.
Through experienced teachers, innovative teaching methods, and a supportive learning environment, we help students build the knowledge, confidence, and skills needed to
achieve their goals.
Our Educators
Learn from experienced, passionate teachers committed to guiding you every step of the way.

වගුරුවෙල මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍යපෙල විභාගය සියලුම විශයන් සමත්ව, 2010 වර්ෂයේ දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයෙන් ජීව විද්‍යාව අංශයෙන් අපොස උසස්පෙළ හදාරා, කැලණිය විශ්වවිද්‍යාලයේ "ආයුර්වේද වෛද්‍ය හා ශල්‍ය" පස් අවුරුදු අධ්‍යන උපාධිය හා එක් අවුරුද්දක සීමාවාසික වෛද්‍ය පුහුණුවකින් පසු, රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි, තවද, නෙල්ලිගහමුල MAXIORA උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ලෙසද කටයුතු කරයි, මනෝ වෛද්‍ය විද්‍යාව හදාරා ඇති අතර, දරුවන් දිරිගැන්වීම් (Motivation) වැඩසටහන් රට පුරා රජයේ පාසල්වල නිරන්තරයෙන් පවත්වන ගුරුවරයෙකුද වේ... බොහෝ ප්‍රදේශවල, නොමිලේ වෛද්‍ය සායන හා උපකාර අවශ්‍යම පුද්ගලයන්ට උපකාර කරන "මනුසත් මෙහෙවර ක්‍රියාන්විතයේ" නිර්මාතෲ ලෙසද ක්‍රියා කරයි, දැයේ දුවා දරුවන්ට, වසර 15කට ආසන්න කාලයල සිට, සාමාන්‍යපෙල විද්‍යාව විෂය මැනවින් ඉගැන්වීමේ පුහුණුව සහිත, දැනට ආයතන කිහිපයක භෞතික පංති මෙන්ම ලංකාවටම Online තාක්ෂණය ඔස්සේද පංති පවත්වන ගුරුවරයෙකුද වේ... වර්ණවත් නිබන්ධන ක්‍රමවත්ව සකසා, "බෝරිං නැති විද්‍යාව" යන තේමාව යටතේ, දරුවන්ගේ සිත් ඇද බැද ගන්නා ඉගැන්වීම් රටාවක් ඇති අතර, පාඩමෙන් පාඩමට ඒකක පරීක්ෂණ මෙන්ම, Speed YES or No මගින් තරගකාරිත්වයක් ඇති කරවන වැඩසටහන් මෙන්ම, විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පංතිය තුළ සිදු කරයි.... දැනට, විද්‍යාව විෂය සදහා වසරේ වැඩිම A/B සාමාර්ථ ප්‍රතිශතයක් දායදා කල SMART ඉගැන්වීමක නූතන පරම්පරාවේ ගුරුවරයෙකුද වේ...

ආයුබෝවන්! මම උදය කේ මධුෂාන්, 2020 වසරේ සිට සාමාන්‍ය පෙළ (O/L) ගණිතය විෂය සඳහා කැපවීමෙන් ඉගැන්වීම් කරන ගුරුවරයෙකි. මම සාමාන්‍ය පෙළ සාර්ථකව සමත්ව, උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය හදාරා විශ්වවිද්‍යාල වරම් හිමිකර ගත් අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ Software Engineering උපාධිය සම්පූර්ණ කර ඇත. ගණිතය ඉතා සරලව, තේරුම් ගත හැකි ආකාරයෙන් ඉගැන්වීම මගේ ප්‍රධාන අරමුණයි. සෑම සිසුවෙකුගේම හැකියාව හඳුනාගෙන, ඔවුන්ට විශ්වාසයෙන් හා සාර්ථකත්වයෙන් විභාගයට මුහුණ දිය හැකි පරිදි නිවැරදි මඟපෙන්වීම ලබා දීම සඳහා මම කැපවී සිටිමි. "හිතට, තිතට, ගණිතය" යන තේමාව යටතේ සිසුන්ට ගණිතය පිළිබඳ ඇති බිය නැති කර, විෂය කෙරෙහි ආදරයක් ඇති කිරීම මගේ අරමුණයි. අපගේ ගණිත පන්තිය තෝරාගත යුත්තේ ඇයි? 6 සිට 11 ශ්‍රේණිය දක්වා සෑම සිසුවෙකුගේම ගණිත පදනම ශක්තිමත් කිරීම සඳහා ක්‍රමානුකූලව සකස් කළ ඉගැන්වීම් වැඩසටහනක් අප සතුව ඇත. ✅ සංකල්ප මුල සිටම පැහැදිලි කිරීම සෑම පාඩමක්ම මූලික කරුණු වලින් ආරම්භ කර සරල උදාහරණ සමඟ පැහැදිලි කරයි. ✅ ශ්‍රේණියෙන් ශ්‍රේණියට ශක්තිමත් පදනමක් 6–11 ශ්‍රේණි අතර පාඩම් අඛණ්ඩව සම්බන්ධ වන බැවින්, දරුවාගේ ගණිත දැනුම ක්‍රමයෙන් වර්ධනය කරයි. ✅ අඛණ්ඩ ප්‍රශ්න පත්‍ර පුහුණුව විභාග රටාවට ගැළපෙන ප්‍රශ්න, පෙර විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර මඟින් නිරන්තර පුහුණුව ලබාදේ. ✅ කෙටි ක්‍රම සහ නිවැරදි පිළිතුරු ලබාගැනීමේ තාක්ෂණ විභාගයේදී කාලය ඉතිරි කර ගනිමින් නිවැරදිව පිළිතුරු ලබාදීමට අවශ්‍ය ක්‍රම ඉගැන්වේ. ✅ නිරන්තර ඇගයීම් මාසික විභාග, Quiz, Assignment සහ Progress Monitoring මඟින් දරුවාගේ දියුණුව නිරන්තරයෙන් පරීක්ෂා කරයි. ✅ දෙමාපියන් සමඟ සම්බන්ධතාව දරුවාගේ ප්‍රගතිය පිළිබඳ අවශ්‍ය විට දෙමාපියන් දැනුවත් කිරීමෙන් ඉගෙනුම් ක්‍රියාවලිය ශක්තිමත් කරයි. ✅ Online සහ Physical පන්ති සිසුන්ගේ පහසුව අනුව Online හා Physical පන්ති දෙකම පැවැත්වේ. දෙමාපියන්ට අපගේ පොරොන්දුව ඔබගේ දරුවාට විභාගයක ලකුණු ලබාදීම පමණක් නොව, ගණිතයට ඇති බිය නැති කිරීම, තර්කානුකූලව සිතීමට පුරුදු කිරීම, ස්වයං විශ්වාසය වර්ධනය කිරීම, ගැටලු විසඳීමේ හැකියාව වැඩි කිරීම, අනාගත උසස් පෙළ ගණිත අධ්‍යාපනය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීම යන අරමුණු ඇතිව ඉගැන්වීම් සිදුකරනු ලබයි. "අද ශක්තිමත් කරන ගණිත පදනම, හෙට දරුවාගේ සාර්ථක අනාගතයට මූලික පියවරයි." හිතට, තිතට, ගණිතය.

මූලික අධ්‍යාපනය යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයෙන් හදාරා පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති සහ පශ්චාත් උපාධියත් ලබා බාහිර කතිකාචාර්යවරයෙකු, මිනුවන්ගොඩ ගුරු පුහුණු මධ්‍යස්ථානයේ ගුරු පුහුණු සම්පත් දායකයකු, මානසික දිරිගැන්වීම් හා රස වින්දන උපදේශකයකු, තූර්ය වාදක කණ්ඩායම් පුහුණු උපදේශකයකු සහ රජයේ පාසල් කිහිපයක මෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතනන රැසක ඉතිහාසය සහ බුද්ධ ධර්මය විෂය ඉගැන්වීම් කටයුතු සිදු කරමින් වසර 15 පුරාවට විශිෂ්ට ප්‍රතිඵල පෙන්වූ ගුරුවරයකු ලෙසද ,පාසල් දරුවන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට සහ ගුරුවරුන් හට දැනුම ලබාදෙන බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වැඩ කටයුතු සිදු කරනු ලබයි.තවද මෙම සමාජ මෙහෙවර අගයමින් සමාජ සේවා විභූෂණ කීර්ති ශ්‍රී ජනරංජන සම්මානයෙන් පිදුම් ලබා ඇත.

යක්කල ශ්‍රී චන්ද්‍රජ්‍යෝති මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 2020 වසරේ උසස් පෙළ කලා අංශයෙන් සාර්ථක ප්‍රතිඵල සහිතව සමත් වී මේ වන විට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය අවසන් කරමින් සිටියි.එමෙන්ම 2021 වසරේ Britishway English Academy ආතනයෙන් ඉංග්‍රීසි ඩිප්ලෝමාවද සාර්ථක ලෙස අවසන් කර පසුව 2021 වසරේ සිට උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිස මේ වන විට වසරක් පහක් සම්පූර්ණ කරමින් වැඩිම ප්‍රතිඵල ගෙන එන්නට සමත් විය. 'ආදරණීය සිංහල ' නමින් 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ සිසුන් සහභාගී වන යුගයේ අතිවිශිෂ්‍ටතම සිංහල පන්තිය බිහිකරන්නට විය. වසර ගණනාවක් පුරාවට ප්‍රතිඵල මතින් ගොඩනැගෙමින් වාර විභාගයන් වලදී පවා සිංහල විෂයෙහි පළමු ,දෙවන ,තෙවන ආදී වූ ස්ථානයන් බිහිකරමින් සාමාන්‍ය පෙළ විභාගයේ දී වසර තුනක් 99% ක ප්‍රතිඵලයන් හා ගිය වසර ද්විත්වය තුළ දී 100% ක අතිසාර්ථක වූ ප්‍රතිඵලයන් බිහිකරන්නට සමත් විය. පීඩාකාරී , වෙහෙසකර මෙන්ම සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් බැහැරව සරල ක්‍රම ඔස්සේ හා නූතන තාක්ෂණය ආදී සියල්ලම උපයෝගී කරගනිමින් සාර්ථක වැඩපිළිවෙළක් ඔස්සේ ප්‍රතිඵල සහතික කර ඇත. පළමු පන්තියෙන්ම අතිවිශිෂ්ට වූ ප්‍රතිඵලයක් ගෙන එමින් දරුවන්ගේ මෙන්ම දෙමාපියන්ගේ ද විශ්වාසය රකිමින් ප්‍රතිඵල මතින් ගොඩ නැගෙන යුගයේ අද්විතීය වූ සිංහල පන්තිය බිහිකරනු ලැබුවේ ද ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථකත්වය මතයි.

කැලණිය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික හා ශාස්ත්‍රීය චීන භාෂා විශේෂවේදී ගෞරව උපාධිය හදාරමින් සිටියි. ජ/පුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික දෙමළ භාෂා ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇත.

මූලික අධ්‍යාපනය නැදුන්ගමුව සිරිසීවලී විද්‍යාලයෙන් සහ මහර ජනාධිපති විද්‍යාලයෙන් ලබාගත් අතර උසස් පෙළ සඳහා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර එහිදී සාර්ථක ප්‍රතිඵල බලා ගත් අතර මේ වන විට උපාධ් අපේකෂකයෙකු ලෙස සිටින අතරම බැංකු නිලධාරියකු ලෙසද කටයුතු කරයි...

කැලණිය විශ්ව විද්‍යාලයේ භාහිර විද්‍යාර්තයෙකු ලෙස ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය (ප්‍රාසාංගික කලාව)හදාරමින් සිටී. ජාතික නර්තන විභාගය ප්‍රාරම්භ ප්‍රායෝගික හා සිද්ධාන්ත කොටස් සමත් අතර රජයේ පාසලක නර්තන විෂය උගන්වමින් පුහුණු ලබා ඇති අතර දැනට පෞද්ගලික පාසලක නර්තන ගුරුවරියක ලෙස සේවයේ නිරත වන අතර උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිස වසර 3ක පලපුරුද්දක් සහිත ගුරුවරියකි. ප්‍රායෝගික හා සිද්ධාන්ත කොටස් ආවරණය කරමින් විභාගය සදහා සිසුන් මනාව සූදානම් කරවමින් ඉහළ සාමාර්ථ ලබා ගැනීමට කටයුතු කිරීම. නිවැරදි මගපෙන්වීම යටතේ නියත A සාමාර්ථයක් කරා සිසුන් රැගෙන යාමට කටයුතු සිදුකෙරේ.

උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ආර්ථික විද්‍යා විශේෂවේදී උපාදිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාගෙන,විවෘත්ත විශ්ව විද්‍යාලයෙන් සිය පශ්චාත් උපාදිය ලබාගෙන ඇත.බප/ගම්/තක්ෂිලා විද්‍යාලයෙන් සිය පළමු පත්වීම ආරම්භ කර වසර 14ක් ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සේවය කර ඇත.වර්තමානයේ බප/ගම්/යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ ඉංග්‍රීසි ආචාර්යවරයෙකු ලෙස සේවය කරයි.පුරා වසර 20ක ගුරු ජීවිතයේ මෙන්ම පෞද්ගලික පන්ති පැවැත්වීමේ හසල අත්දැකීම් ඇති ප්‍රවීණ ආචාර්යවරයෙකි. රතුපස්වල සරසවි අධ්‍යාපන ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂකවරයාය. ගුරු ජීවිතය තූළ වෛද්‍යවරුන්,ඉංජිනේරුවන්,ගුවන් නියමුවන්,ගණකාධිකාරවරුන්,වයාපරිකයින් වැනි විවිද වෘත්තිකයින් බිහිකළ අත්දැකීම් ඇති ගුරුවරයෙකි.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් මූලික හා ද්විතීයික අධ්‍යාපනය ලැබූ ඔහු, 2017 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් නවයටම A සාමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට දක්ෂතා පෙන්වනු ලැබීය. අනතුරුව 2020 වසරේදී අ.පො.ස. උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිට A සාමාර්ථ තුනක් හිමිකර ගනිමින්, කැළණිය විශ්ව විද්‍යාලයෙහි උසස් අධ්‍යාපනය සඳහා වරම් ලැබීය. කැළණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයෙන් විශේෂවේදී ගෞරව උපාධිය දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සහිතව සාර්ථකව සම්පූර්ණ කිරීමට ඔහු සමත් විය. අධ්‍යාපනික ජයග්‍රහණ සමඟම, දැනුම බෙදාහැරීමේ කැපවීම ඔහුගේ ගමන්මඟේ සුවිශේෂී ලක්ෂණයක් වේ. 2021 වසරේදී, වයස අවුරුදු 20ක් වැනි තරුණ අවධියේදීම උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසි ඔහු, පසුගිය වසර පහක කාලය පුරාවට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය විෂයෙහි ඉහළ ප්‍රතිඵල ලබාදීම වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන් කටයුතු කරමින් සිටී. සාම්ප්‍රදායික හා යල්පැනගිය ඉගැන්වීම් රටාවන්ගෙන් ඔබ්බට ගොස්, නවීන හා කාලෝචිත ඉගෙනුම් ක්‍රමවේදයන් ඔස්සේ “SMART විදිහට COMMERCE ඉගැන්වීම” ඔහුගේ අධ්‍යාපනික දර්ශනය බවට පත්ව ඇත. එම දර්ශනය යටතේ සෑම ඒකකයක් සඳහාම විධිමත් නිබන්ධන, ක්‍රමානුකූල ප්‍රශ්නපත්‍ර සාකච්ඡා, විභාග ඉලක්කගත පුහුණුව සහ ප්‍රායෝගික අවබෝධය ලබාදීම මගින් සිසුන්ගේ දැනුම සහ විශ්වාසය ගොඩනැගීමට ඔහු කටයුතු කරයි. ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය විෂයයන් සරලව, පැහැදිලිව සහ ප්‍රායෝගිකව අවබෝධ කරවමින්, SMART විදිහට විභාගය ජයගැනීමට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම ලබාදීම ඔහුගේ ප්‍රධාන අරමුණ හා අභිප්‍රාය වේ.

2020 වර්ෂයේ උසස් පෙළ කලා අංශයෙන් සමත්ව කැළණි විශ්ව විදයාලයේ ප්‍රාථමික ඩිප්ලෝමාව හා ළමා මනෝවිදයා උපාධිය අවසන් කර Open University විශ්ව විදයාලයේ අධ්‍යාපනවේදී උපාධිය හදාරා ඇත. 2024 වර්ෂයේ රජයේ ගුරු පත්වීමක් ලබා බප/ගම් වැලිකඩමුල්ල කනිෂ්ඨ විදයාලයේ රජයේ ගුරුවරියක් ලෙස සේවය කරනු ලබයි.මේ වන විට අධ්‍යාපනපති උපාධියද හදාරමින් සිටියි.
Reviews
Real experiences from students learning with us — and share yours.
Be the first to share your experience!
A glimpse of the special events, celebrations, and memorable moments we share together at Maxiora.
FAQ
Quick answers to the questions students ask us the most.
මුල් පිටුවේ "Register" button එක click කර ඔබගේ username, password සහ අවශ්‍ය details ඇතුළත් කරන්න. Email එකක් අවශ්‍ය නැහැ. Register වුණාට පස්සේ ඔබට registration number එකක් (උදා: MX0001) ලැබෙනවා.
නැහැ. ඔබ register වෙද්දී තෝරාගත් username එක සහ password එක විතරයි අවශ්‍ය.
Theory Class කියන්නේ පාඩම් ඉගැන්වෙන class එකයි. Paper Class කියන්නේ past papers සහ questions සාකච්ඡා කරලා පිළිතුරු ලිවීම පුහුණු කරන class එකයි. ඔබට ඕනෑ එකක් හෝ දෙකම තෝරගන්න පුළුවන්.
"Online Class" එකට ගිහින් ඔබගේ grade එක තෝරන්න. ඊට පස්සේ අදාළ month එක තෝරලා payment එක complete කරන්න. Payment එක approve වුණාට පස්සේ class එක open වෙනවා.
Payment එක කරලා "Payment" පිටුවට ගිහින් ඔබගේ bank receipt එකේ photo එකක් upload කරන්න. ඒක admin විසින් check කරලා approve කරනකම් "Pending" විදිහට තියෙනවා. සාමාන්‍යයෙන් පැය කිහිපයක් ඇතුළත approve වෙනවා; ඊට පස්සේ class එක open වෙනවා.
අදාළ month එකේ live class එකට access තියෙන students ට විතරයි recordings බලන්න පුළුවන්. Recordings publish කරපු දවසේ ඉඳන් නියමිත දවස් ගාණකින් expire වෙන නිසා, පුළුවන් තරම් ඉක්මනට බලන්න.
ඔබගේ purchase එක approve වෙලාද කියලා check කරන්න; approve වුණාට පස්සේ video එක open වෙනවා. Video එක buffering නම් ඔබගේ internet connection එක check කරලා page එක refresh කරන්න.
"Quiz" එකට ගිහින් ඔබගේ grade එකට අදාළ quiz එක තෝරලා answers දෙන්න. Complete කළාට පස්සේ ඔබගේ score එක එතනම පෙන්නනවා.
කරුණාකර ඔබගේ teacher හෝ institute එක contact කරන්න. ඔවුන්ට ඔබගේ account එක reset කරලා දෙන්න හෝ problem එක solve කරලා දෙන්න පුළුවන්.
Contact Us
Have a question or want to enroll? Call us, message us, or follow along on social media.